May 19, 2024

දවල්ට දැල්වෙන වීථි පහන් සියල්ල ගලවයි Featured

February 27, 2022

දිවා කාලයේදී දැල්වෙන වීථි පහන් සියල්ල ගලවා ඉවත් කිරීමට තීරණය කර ඇති බව හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපති සරත් සිල්වා මහතා ඒ්ෂියන් මිරර් වෙත සඳහන් කළා.

හලාවත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ මංමාවත් ආලෝක කිරීම සදහා විශාල වීථි පහන් ප්‍රමාණයක් සවි කර තිබෙනවා.

එසේ සවි කර ඇති වීථි පහන් රාත්‍රී කාලයේදී ක්‍රියාත්මක කිරීම සහ අළුයම අක්‍රීය කිරීම ඒ ඒ ප්‍රදේශ වල පදිංචිකරුවන්ට පවරා තිබෙන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

නමුත් බොහෝ ස්ථාන වල දිවා කාලයේදීද වීථි පහන් දැල්වෙන අකාරයක් දක්නට තිබෙනවා.

අප මේ සම්බන්ධයෙන් හලාවත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගෙන් විමසූ විට හෙතෙම මෙසේ කියා සිටිා.

"හලාවත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ විශේෂයෙන්ම අතුරු මාර්ග සියල්ලටම මේ වන විට වීථි පහන් සවි කර තිබෙනවා.එම වීථි පහන් සවි කර ඇත්තේ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම අනුවයි.එසේ සවි කරණු ලබන වීථි පහන් නඩත්තු කිරීම සභාව විසින් සිදු කරණු ලබනවා.වීථි පහන් ක්‍රියාත්මක කිරීම සහ අක්‍රීය කිරීම ඒ ඒ ප්‍රදේශ වල පදිංචිකරුවන්ට අප විසින් පවරා තිබෙනවා. නමුත් අවාසනාවකට බොහෝ ස්ථාන වල දිවා කාලයේදීත් වීථි පහන් දැල්වෙන බවක් අප විසින් නිරීක්ෂණය කර තිබෙනවා.මේ වන විට රට පුරා දැඩි විදුලි අර්බුද්ධයක් ඇති අවස්ථාවක ජනතාව මේ ආකාරයට කටයුතු කිරීම සුදුසු නොවන බවයි අපි අදහස් කර ඇත්තේ.ඒ අනුව ඉදිරි දින කීපය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර සහ දැන්වීම් මගින් සභා බල ප්‍රදේශය තුළ පදිංචිකරුවන් දැණුවත් කිරීමට තීරණය කර තිබෙනවා.අනතුරුව දිවා කාලයේදීද දැල්වෙන සියළුම වීථි පහන් කිසිදු දැණුම් දීමකින් තොරව ගලවා දැමීමට අපි කටයුතු කරන්න කරනවා.යම් වීථි පහනක් ඒ ආකාරයට ගලවා ඉවත් කළ හොත් කුමන හේතුවක් මත හෝ එම ස්ථානය නැවත වීථි පහනක් සවි කරන්න අපි කටයුතු කරන්නේ නෑ. මොකද මහජනතාව තේරුම් ගත යුතුයි අර්බුද්ධයක් තිබුණත් නැතත් විදුලි බලය ඉතිරි කරන්න."

Rate this item
(0 votes)