May 07, 2024

යලි ගෑස් හිඟයක්! ඉන්ධන හිඟය ගෑස්වලටත් බලපාලා Featured

February 27, 2022

ඉන්ධන හිඟය හේතුවෙන් ගෑස් බෙදා හැරිමට බාධා පැමිණ ඇති බව හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් ඒ්ෂියන් මිරර් වෙත පැවසුවා.

දින ගණනාවකට පසු  (27) දින බගවන්තලාව ප්‍රදේශයේ ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන්ට සිමිති ගැස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් නිකුත් කර තිබෙනවා.

පවතින ඉන්ධන හිගය හේතුවෙන් ගැස් බෙදා හැරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බව ගෑස් සමාගම විසින් තමන් වෙත දැනුම් දුන් බවයි අලෙවි නියෝජිතයන් කියා සිටින්නේ.

ඉල්ලුමට සරිලන ගෑස් තොග සමාගම විසින් තමන් වෙත ලබානොදෙන බවද එම ගෑස් අලෙවි නියෝජිතයන් සඳහන් කළා.

Rate this item
(0 votes)