May 01, 2024

යුක්‍රේන් ගැටුම ගැන මෙරට විදේශ අමාත්‍යංශයෙන් නිවේදනයක්

February 25, 2022

යුක්‍රේනයේ මෑතකාලීනව සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි කනස්සල්ලට පත්ව තිබෙනවා.

කලාපයේ සාමය, ආරක්ෂාව හා ස්වෛරීභාවය පවත්වා ගැනීම සඳහා උපරිම සංයමයකින් යුතුව ක්‍රියා කරන ලෙසත් එදිරිවාදිකම් නැවැත්වීම සඳහා කටයුතු කරන ලෙසත්ශ්‍රී ලංකාව අදාළ සියලු සියළු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි මෙරට විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ.

රාජ්‍යතාන්ත්‍රි භාවයෙන් සහ අවංක සංවාදය තුලින් මෙම අර්බුදය විසඳා ගැනීම පිණිස අදාළ සියලු පාර්ශ්වවල වූ සාමූහික උත්සාහයක අවශ්‍යතාවය පිළිබඳව ලංකා රජය එමගින් අවධාරණය කර තිබෙනවා.

Rate this item
(0 votes)