April 18, 2024

සති අන්තයේ විදුලි කප්පාදුවේ වෙනසක්

February 25, 2022

එළඹෙන සති අන්තයේ රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

හෙට දිනයේ දිවා කාලයේ සිදුකරන විදුලිය කප්පාදුව ද අවම කර ඇති අතර, ඒ අනුව ඒ,බී සහ සී කලාප සඳහා දිවා කාලයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බවයි එම කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ.

සෙසු කලාප සඳහා විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ පැය දෙකහමාරක කාලයක් සඳහා පමණයි.

ඉරිදා දිනයේ දිවා කාලයේ පමණක් විදුලිය කප්පාදුව සිදුකෙරෙන අතර, ඒ, බී සහ සී කලාප සඳහා පැය දෙකහමාරක කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීම සිදුකෙරෙනු ඇති.

විදුලි කප්පාදුවෙන් වැළකී සිටීම හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබුණා.

පසුගිය දිනවල විදුලි කප්පාදුව නිසා ජනතාව අපහසුතාවට පත්වීම සැළකිල්ලට ගෙන එම තීරණයට එළඹුණු බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 25 February 2022 19:43