May 07, 2024

ග්‍රාමිය මාර්ග කොන්ත්‍රාත් 12ක වැඩ අතරමග නතරකරලා

February 26, 2022

ග්‍රාමිය මාර්ග පුනරුත්ථාපනය කිරිමේ ව්‍යාපෘතිය යටතේ කොන්ත්‍රාත් පැකේජ 12කට අදාල මාර්ගවල පුනරුත්ථාපන කටයුතු කොන්ත්‍රාත්කරුවන් විසින් අතරමග නවතා දමා තිබෙන බව ඒ්ෂියන් මිරර් වෙත වාර්තා වනවා.

එසේ නවතා දමන විට එම කොන්ත්‍රාත් කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10583.6ක වියදමක් දරාතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන්.

එමෙන්ම මෙකි මාර්ගවල වැඩ ආරම්භ කිරිම සදහා අත්තිකාරම් වශයෙන් කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු සදහා ලබාදුන් රුපියල් මිලියන 3434ක මුදලකින් රුපියල් මිලියන 2994ක මුදලක් අයකරගැනිමට ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

මෙකි මාර්ගවල අතරමග වැඩ නවතා දැමු  නිසා කොන්ත්‍රාත් පැකේජවලට අනුයුක්තව සේවය කළ සේවායෝජකයාගේ සහ ඉංජිනේරුවරයාගේ කාර්ය මණ්ඩල නඩත්තුව වැටුප්, දිමනා හා නිවාස පහසුකම් වෙනුවෙන් එක් මාසයක් තුල පමණක් රුපියල් මිලියන 23ක මුදලක් ගෙවා ඇති බවද විගණන වාර්තාවේ සදහන්.

අතරමග නවතා දමා තිබු මාර්ග මහජනතාව සදහා අවම වශයෙන් භාවිතයට ගැනිමට අවශ්‍ය හදිසිවැඩ හා මාර්ගවල වැඩ අතරමග නවතා දැමිම නිසා මාර්ග භාවිතාකරණ ජනතාවට සිදුවිය හැකි අනතුරු අවම කිරිම සදහා අමතරව සිදුකළ යුතු වැඩ සදහා රුපියල් මිලියන 129ක මුදලක් වැය කිරිමට සිදුවන බවද විගණන වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම කුරුණැගල හා පුත්තලම යන දිස්ත්‍රික්කවල කොන්ත්‍රාත් පැකේජ 05කට අදාල මාර්ග 68න් කිසිදු මාර්ගයක් හෝ භාරගැනිමට සුදුසු තත්වයකට වැඩ නිමකර නොතිබූ බව වාර්තා වනවා.

මාර්ගවල වැඩ අවසන් නොකොට අත්හැරදැමිම නිසා ඇතැම් කොන්ත්‍රාත් ගිවිසුම් අවසන්කර තිබුා.

ගිවිසුම් අවලංගු කරණු ලැබු කොන්ත්‍රාත් පැකේජ් සදහා නවතා දැමිමේ  විධානය ලද දින වනවිට කොන්ත්‍රාත් පැකේජවල ඇස්තමේන්තුගත මුළු පිරිවැයෙන් සියයට 50කට ආසන්න වියදමක් දරා තිබූ බව වාර්තා වනවා.

නිසි පරිදි මෙකී මාර්ගවල වැඩ නිම නොකිරිම නිසා එසේ දරණු ලැබු වටිනාකමට අදාල වැඩකොටස් නියමිත ප්‍රමිතියෙන් යුතුව ඉටුකර නොතිබුණි.

කුරුණැගල, පුත්තලම, මාතලේ,  කැගල්ල, ගාල්ල, රත්නපුර, කළුතර යන දිස්ත්‍රික්කවල 2015 හා 2016  යන වර්ෂවල මෙකි මාර්ගවල පුනරුත්ථාපන කටයුතු ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුණි.  

මේ සදහා රුපියල් මිලියන 21459ක මුදලක් වෙන්කොට තිබු අතර පුනරුත්ථානය කළයුතු මාර්ගවල දිග කිලෝමිටර් 1003.79්.

 

Rate this item
(1 Vote)
Last modified on Saturday, 26 February 2022 09:28