May 19, 2024

ඉන්දුනීසියාවේ භූ කම්පනයක් - ලංකාවටත් බලපායිද?

February 25, 2022

ඉන්දුනීසියාවේ බටහිර සුමාත්‍රා දූපත් ආසන්නයේ අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබෙනවා.

රික්ටර් පරිමාණයේ දැක්වෙන්නේ 6.2ක අගයක් ලෙසට දැක්වුණ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මෙම භූ කම්පන තත්ත්වය සිංගප්පූරුවට සහ මැලේසියාවට ද දැනී ඇති බව සඳහන්.

2004 ඉන්දියානු සාගර සුනාමියට හේතු වූ රික්ටර් මාපක 9.1 ක සුමාත්‍රා - අන්දමන් භූමිකම්පාව, හිරෝෂිමා වර්ගයේ පරමාණු බෝම්බ 23,000 කට සමාන ශක්තියක් මුදා හැර ඇති බව ගණන් බලා තිබෙනවා.

භූමිකම්පාවේ අපිකේන්ද්‍රයට ආසන්නතම භූමි ප්‍රදේශය වන බණ්ඩා අචේහි සුනාමි රළ අඩි 100ක් ඉහළට පැමිණ තිබෙනවා.

ඉන්දුනීසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ තායිලන්තය යන රටවලට සුනාමියෙන් රටවල් දුසිමක් පුරා අවම වශයෙන් පුද්ගලයන් 225,000ක් පමණ ඉන් මිය ගියා.

කෙසේවෙතත් ඒ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

Rate this item
(0 votes)