May 04, 2024

ජනතාවගේ හු හඬ මැද පොහොට්ටු මන්ත්‍රීනිය පළා යයි (VIDEO)

February 24, 2022

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී මංජුලා දිසානායකට ජනතාව විසින් විරෝධයක් එල්ල කර තිබෙනවා.

රිදීගම ප්‍රදේශයේ ජල ගැටලුවක් විසඳීමට පැමිණි අවස්ථාවකදී ජනතාව මන්ත්‍රීවරියට බාධා කරමින් විරෝධය පා තිබුණා.

ඒ හේතුවෙන් රැස්වීම් අතරමග නවත්වා ඇය එතැනින් පිටව ගිය අතර ජනතාව එම අවස්ථාවේදී හූ තැබීමට කටයුතු කළා.

පිටව යන අවස්ථාවේ මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරිය කියා සිටියේ රජය රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් තීන්දු තීරණ ගනු ලබන බවත් ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට උසි ගන්වන මිනිස්සුන්ට බය නොවන බවයි.

Rate this item
(0 votes)