April 25, 2024

හික්කඩුවේ සුපිරි හෝටලයක විදේශිකයන්ගේ පාටියකට මැරයන් කඩා පනී

February 24, 2022

2022 වසරේ අද දක්වා දිවයිනට පැමිණ ඇති විදේශීය සංචාරකයින් සංඛ්‍යාව 150,000 ඉක්මවා ගිය බව වාර්තා වනවා.

මෙලෙස පැමිණි සංචාරකයන් අතරින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියානු කලාපයේ රටවලින්.

රට තුළට විදෙස් සංචාරකයින් බහුල වශයෙන් පැමිණීමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ රට තුළ ඉතා හොඳින් ක්‍රියාත්මක වූ කොරෝනා මර්ධන එන්නත් කරන වැඩපිළිවෙලයි.

එම තත්වයක් සමගින් සංචාරක කර්මාන්තය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන්නට පටන් ගත්තේ මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අතිශයින් බරපතල ඩොලර් අර්බුදයටත් යම්කිසි අස්වැසිල්ලක් සලසමින්.

මෙලෙස පැමිණෙන බොහෝ සංචාරකයින්ගේ අතිශය ප්‍රියමනාප ගමනාන්තයන් වන්නේ මෙරට දැකුම්කළු වෙරළ තීරයන් ආශ්‍රිත සංචාරක නිකේතනයි.

මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ලෙස සැරිසරන විදේශිකයකු විසින් සිය ජංගම දුරකතනයෙන් රූගත කරන ලද මෙම වීඩියෝවෙන් පෙන්නුම් කරන්නේ මෙරට අතිශය ජනප්‍රිය සංචාරක ගමනාන්තයක සිදුවන සිදුවීමක්.

හික්කඩු වෙරළ තීරයේ සංචාරකයින් අතර අතිශයින් ජනප්‍රිය අවන්හලක සිදුකෙරෙන පහරදීමක් මෙම වීඩියෝව ඔස්සේ දර්ශනය වනවා.

මෙම භීෂණකාරී තත්ත්වය හේතුවෙන් එම අවන්හලේ ඒ මොහොතේ රැඳී සිටිනා විදෙස් සංචාරකයින් හිස් ලූ ලූ අත දිව යන ආකාරයත් මෙම වීඩියෝවේ පැහැදිළිව දකින්නට පුළුවන්.

කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ වූ පුද්ගලයින් මේ වන විට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 25 February 2022 15:36