April 27, 2024

ජනපති හදිසියේම කෝච්චි හදන තැනට යයි! මාස 2ක් කල් දෙයි (PHOTOS)

February 24, 2022

රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ සේවක ගැටලු විසඳීමට කොමිසමක් පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් ලබා දී තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් රත්මලාන යාන්ත්‍රික ඉංජිනේරු කර්මාන්තශාලාවේ අද (24) පෙරවරුවේ නිරීක්ෂණයක යෙදුණු ජනාධිපතිවරයා මෙම තීරණය ගෙනා තිබෙනවා.

සේවක බඳවා ගැනීම, සම්පත් කළමනාකරණය කරගැනීම ඇතුළු පවතින සියලුම ගැටලු සැලකිල්ලට ගෙන මාස දෙකක් ඇතුළත ඒවාට විසඳුම් දෙන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 01 March 2022 03:16

Related items