May 18, 2024

වැඩ අවසන් නොවූ ව්‍යපෘති 3කට ලක්ෂ ගණනක මුදල් ගෙවලා

February 24, 2022

රජයේ තවත් මුදල් නාස්තියක් ගැන ඒෂියන් මිරර් අපට වාර්තා වුණා.

ඒ නාගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කර තිබු ජල ව්‍යාපෘති 03ක් සදහා රුපියල් රුපියල් දහ අට ලක්ෂ හතලිස්හතරදහස් අටසිය දහනමයක මුදලක් ගෙවා තිබෙනවා.

නමුත් එම මුදල ගෙවා තිබුණද එකි ව්‍යාපෘති තුනම ජලනල එලාවැඩ අවසන් කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්.

එම ජල ව්‍යාපෘති තුනේ ජලපානය කිරිමට සුදුසු භෞතික ගුණත්ව තත්වයක නොපැවති බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

මේ පිළිබද නාගොඩ ප්‍රාදේශිය ලේකම් උපුල් ප්‍රියංකර දහනායක මහතාගෙන් ඒෂියන් මිරර් කළ විමසුමකදි මෙසේ කියා සිටියා.

"ටැංකි තුනක් ඉදිකිරිම සදහා පමණයි මුලදි මුදල් වෙන්කරලා තිබිලා තියෙන්නේ. දැනට මින් එක් ව්‍යාපෘතියක ජලනල එලා තියෙනවා. ඉතිරි ව්‍යාපෘති සදහා ජලනල එලිම සදහා බට ලබාදෙන ලෙස ප්‍රජාජල සැපයුම් දෙපාර්තමේන්තුව මගින්  ඉල්ලිමක් කොට තියෙනවා. ගමසමග පිලිසදරක් වැඩසටහන තුලින් ද ව්‍යාපෘති දෙකක් සදහා මුදල් වෙන්කරලා තියෙනවා. එම නිසා මෙකි ව්‍යාපෘති ඉතිරි කටයුතු කිරිම සදහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ජලයේ බැක්ටිරියා ඉවත්කරගැනිම සදහා  සුදුසු ජිවානුහරණ ක්‍රමයක් අනුගමනය කිරිමට කටයුතු කරකවා" ප්‍රාදේශිය ලේකම්වරයා සදහන් කළා.

 

 

 

Rate this item
(0 votes)