තේ දල්ලේ ඵලදාව මුල් කොටගෙන ජනපතිවරයා හා සාමාන්‍ය වැසියකු අතර වන වචන හුවමාරුවක් ඇතුලත් වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍යයන්හි දැකගන්නට ලැබෙනවා.
දළු කිලෝ 500 කඩපු තමන් දැන් අඩන්නේ දළු කිලෝ 200 ක් බව එම සාමාන්‍ය වැසියා ජනපතිවරයාට සෘජුවම පවසන අතර ජනපතිවරයා එය තදින්ම ප්‍රතික්ෂේප කරන අයුරු එම වීඩියෝ පටය දැක්වෙනවා.
පොහොර නිකන් දිම
"පොඩ්ඩක් ඉන්න.පොඩ්ඩක් ඉන්න. මං කියන කතාව අහන්න.කොච්චර කාලයක් පොහොර නිකන් දුන්නද. මට කියන්න."
ජනපතිවරයා ඊට ප්‍රතිචාර දැක්වූයේ ඒ ආකාරයට.
"නිකන් දුන්නු එක හරි කියන්නේ මං කියන්නේ සාධාරණ මිලකට පොහොර දෙන්න ජනාධිපතිතුමා" සාමාන්‍ය වැසියාගේ පිළිතුර වූයේ එයයි.
ජනපතිගේ මතය
එහෙත් ජනපතිවරයා එම අදහස පිළිගත්තේ නැහැ.
"අවුරුදු දෙකක් නිකම් පොහොර දුන්නා.බොරු කියන්ඩ එපා." යයි සඳහන් කරමින් යළි ජනපතිවරයා ප්‍රතිචාර දක්වද්දී සාමාන්‍ය වැසියා සඳහන් කළේ තේ අස්වැන්න එකෙන් පංගුව කින් අඩු වී ඇති බවයි.
"නැහැ නැහැ" යයි ජනපතිවරයා ඊට යළිත් ප්‍රතිචාර දක්වන අයුරු එම වීඩියෝ පටයේ සඳහන්.