May 06, 2024

(EXCLUSIVE) සල්ගාදු රැලියට මෛත්‍රීගෙන් ප්‍රතිචාර: අර පරණ තැටියමයි ගැහුවෙ Featured

February 12, 2022

ආණ්ඩුව නැවතත් සුපුරුදු තක්කඩි දේශපාලන ගමන යෑමට උත්සාහ කළද එය අනුරාධපුර සල්ගාදු පිටියේදී ලප් තැනම ලොප් වූ බව හිටපු ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඒෂියන් මිරර් වෙත සඳහන් කළා.

එක්සත් ජාතික නිදහස් පෙරමුණේ ලේකම්වරයාද වන ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ සල්ගාදු පිටියේදී ආණ්ඩුව සමඟ මෙතෙක් සිටී රටේ ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේලා සහ විද්වත් පිරිස නොසිටීම විශේෂයෙන් කැපී පෙනුණු සිද්ධියක් බවයි.

ඔලුගෙඩි පෙන්න වීම

ආණ්ඩුවේ මැති ඇමතිවරුන් බස් යොදාගෙන දිවයිනේ දසතින් ගෙන්වා ඔලුගෙඩි පෙන්නා ජනතාව තවදුරටත් නොමඟ යැවීමට සිතන්නේ නම් එය ආණ්ඩුවේ අවසානය බව මතක තබා ගත යුතු බවත් ගුණරත්න මහතා අවධාරණය කරනවා.

සල්ගාදු වේදිකාවේ දූෂණය, භීෂණය, වංචාව සම්බන්ධයෙන් විශාල හඬක් නැගුවද පසුගිය කෙටි කාලය තුල සිදු වු පොහොර වංචාව, සුදු ලූනු වංචාව, සීනි වංචාව, ගෑස් පුපුරායාම, පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉදිකිරීම ආදී කරුණු ගැන ආණ්ඩුවේ ප්‍රධානින් ඒ වේදිකාවේදී වචනයක්වත් කතා නොකළ බවයි ගුණරත්න මහතා හෙළිදරව් කරන්නේ.

හොරකමට පමණක් නොව මැරකමට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන්ද සල්ගාදු වේදිකාවේදී ආණ්ඩුවේ නායකයින්ගෙන් වචනයක්වත් ඇසුනේ නැති බවයි ඔහුගේ මතය වන්නේ.

තවත් වටයකින් පරණ තැටියම

ඒ අනුව පෙනී යන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන් තවත් වටයකින් ජනතාව මුලා කොට මැතිවරණයකට යෑමට සූදානම් වීම බවට අනාවැකියක්ද ගුණරත්න මහතා පළ කරනවා.

දෙස් විදෙස් කුමන්ත්‍රණ, ජාතික ආරක්ෂාව ගැන සල්ගාදු වේදිකාවේ ආණ්ඩුවේ ප්‍රධානීන් තලු මරමින් කතා කළේ නැවතත් රටේ ඇත්ත ප්‍රශ්න යටගැසීමට බවට ඔහු චෝදනාවක්ද කරනවා.

එය යළිත් ජනතාව බිය වද්දවා බලය පවත්වාගෙන යෑමට දරන අසාර්ථක උත්සාහයක් ලෙසටයි ගුණරත්න මහතා හඳුන්වා දෙන්නේ.

Rate this item
(5 votes)
Last modified on Saturday, 12 February 2022 00:23