April 28, 2024

කෝප් සභාපති ධූරය යළිත් චරිතට! කෝපා යළිත් තිස්සට

February 10, 2022

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චරිත හේරත් මහතා යළි පත්වී තිබෙනවා.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස මහාචාර්ය තිස්ස විතාරණ මහතාද නැවතත් පත්වී තිබෙනවා.

එම කාරක සභාවන්හි රැස්වීම් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද පැවැත්වුණා.

කමිටු සාමාජිකයන් බහුතරයකගේ කැමැත්තෙන් එම දෙදෙනා මෙසේ තෝරා ගෙන තිබෙනවා.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමු වැනි සැසිවාරයේ මෙම කමිටු දෙකේ සභාපති ධූර හොබවනු ලැබුවේද එම මන්ත්‍රීවරුන් දෙපලයි.

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් වාර අවසාන කරනු ලැබීමත් සමග කෝප් සහ කෝපා කමිටු ඇතුළු කමිටු 50ක් පමණ අක්‍රීයව පැවතුණා.

කෝප් සහ කෝපා කමිටු තේරීම් කාරක සභාව විසින් පසුගියදා පත් කරනු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර වෙනස් කිරීම සඳහා යැයි විපක්ෂයේ දේශපාලන නියෝජිතයෝ රැසක් පසුගිය කාලයේදි ප්‍රකාශ කළා.

නමුත් නැවත වරක් එම කමිටුවල හිටපු සභාපතිවරුන්වම නැවත පත් කිරීමට කටයුතු කර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 00:08