May 14, 2024

උදේ හිටපු උදය ඇමති අතුරුදහන්: විශේෂ ප්‍රකාශයක් නැහැ

February 08, 2022

අද (8) රැස් වූ පාර්ලිමේන්තුව පිළිබඳව මහජනතාව තුළ විශේෂ අවධානයක් යොමු වුණා.

ඒ විශේෂ ප්‍රකාශයක් කිරීමට උදය ගම්මන්පිල අමාත්‍යවරයා සූදානමින් සිටීම නිසා.

නම කතා කිරිම

ඒ සඳහා ඔහු කතානායකවරයාගෙන් කලින්ම කාලයද වෙන්කරගෙන තිබුණා.

එහෙත් මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා ඒ සඳහා ගම්මන්පිල අමාත්‍යවරයාට අවස්ථාව ලබා දීමට නම කතා කළ මුත් ඔහු සිටියේ නැහැ.

ඒ දහවල් 11.23 ට පමණ.

උදෑසන සභාවේ සිටීම

එහෙත් අද (8) පාලිමේන්තුව ආරම්භයේදී ගම්මන්පිල අමාත්‍යවරයා සභාවේ සිටියා.

ඒ අවස්ථාවේ ඔහු ත්‍රිකුණාමලය තෙල් ටැංකි ක්‍රියාවට ලබාදීම සම්බන්ධයෙන් වූ ගිවිසුම සභාගත කළා.

එහෙත් ඊට පැයකට පමණ පසු සිය විශේෂ ප්‍රකාශය කිරීමට නම කතා කළ අවස්ථාවේ ගම්මන්පිල අමාත්‍යවරයා අන්තරස්දාන වී තිබුණා.

ගැටුමක් අතරතුර

ඒ අවස්ථාවේදී ආන්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා හා මුලසුනේ සිටි නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගයේ කබීර් හෂීම් , හර්ෂ ද සිල්වා , නලින් බණ්ඩාර හා චමින්ද විජේසිරි යන මහත්වරුන් සමග විවාදයක පැටලී සිටීම නිසා කිහිප වතාවක්ම ගම්මන්පිල අමාත්‍යවරයාගේ නම මුලසුන විසින් කතා කළා.

ඒ නිසා ඒ අවස්ථාවේ ගම්මන්පිල අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ සිටියේ නම් සභාවට පැමිණ සිය විශේෂ ප්‍රකාශය කිරීමට උවමනාවටත් වඩා කාලය තිබුණා.

අමාත්‍යවරයා සභාවේ නොසිටීම නිසා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාට සිය කතාව ආරම්භ කිරීමට අවස්ථාව ලැබුණා.

ඊයේ (7) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී ගම්මන්පිල අමාත්‍යවරයා සමග ආණ්ඩුවේම පිරිසක් ගැටුණු බවටත් වාර්තා වනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 February 2022 15:54