May 21, 2024

රජයට තවත් කෝටි ගණනක් අහිමි වෙයි! කළුගල් වලිනුත් ගසාකෑමක්

February 08, 2022

කළුගල් වැඩබිම්වලින් අය විය යුතු මුදල් නිසි පරිදි නොලැබීම හේතුවෙන් රජයට කෝටි 55කට අධික මුදලක් අහිමි වී ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඒ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවකින් කළ හෙළිදරව්වකින්.

එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ කළුගල් වැඩබිම්වලින් අය කළයුතු රජයේ ගාස්තු අඩුවෙන් අයකිරිම හා කැණිම් කරණු ලැබු ගල් කියුබ් ප්‍රමාණය අඩුවෙන් ගණනය කිරිම නිසා 2009 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා කාලය තුල රාජ්‍ය ආදායමට ලැබිය යුතු රුපියල් 551,305,626 මුදලක් අහිමි වී ඇති බවයි. 

හම්බන්තොට, අනුරාධපුර, වවුනියාව, කුරුණැගල යන දිස්ත්‍රික්කවල පිහිටි කළුගල් කැණිමේ වැඩබිම් 97 කින් මෙසේ රජයට ලැබිය යුතු ආදායම අහිමි කර තිබු බවද එම විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 06ක පිහිටි කළුගල් වැඩබිම් 12කට අදාලව රුපියල් 198,898,250 මුදලක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 07ක කළුගල් වැඩබිම් 46කට අයත් රුපියල් 254,408,741 මුදලක් රජයට අහිමි වී තිබෙන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

වවුනියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 04ක කළුගල් වැඩබිම් 27කින් රජයට ලැබිය යුතු රුපියල් 81,278,190. මුදලක් අහිමි වී තිබෙනවා. 

කුරුණැගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 04ක පිහිටි කළුගල් වැඩබිම් 12කින් රජයට ලැබිය යුතු රුපියල් රුපියල් 16,973,250 ක මුදලක් රාජ්‍ය අදායමට අහිමිවි ඇති බවද එම විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 08 February 2022 08:55