May 21, 2024

රන්ජන් තාමත් ඇතුලේ: සේනාධිපති කලාකරුවන් ඇන්දවූවාද ? Featured

February 05, 2022

රන්ජන් රාමනායක මහතාට ඊයේ (4) ජනපති සමාව යටතේ නිදහස හිමිවනු ඇති බවට කසු කුසුවක් ගියා.

ඒ ඊයේට (4) යෙදුන නිදහස් දිනය මුල්කොට ගෙන.

ලැයිස්තුවේ නම නැහැ

එහෙත් ඊයේ (4) නිදහස් කිරීමට නියමිත සිරකරුවන්ගේ නම් ලැයිස්තුවේ රාමනායක මහතාගේ නම නොමැති බව ඒෂියන් මිරර් කලින්ම වාර්තා කළා.

අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර 4 ක සිර දඬුවමක් විදින රාමනායක මහතාව නිදහස් දිනයේදී නිදහස් කරනු ඇති බවට විශ්වාසය පළ වූයේ එක් සුවිශේෂී හේතුවක් මත.

ඒ රාමනායක මහතාට ජනපති සමාව ලබාදීමේ වැඩ කටයුත්තට ජනපතිවරයාට වඩාත් සමීප නිශ්ශංක සේනාධිපති මහතා මැදිහත්වීම නිසා.

මැදිහත්කරුගේ ප්‍රකාශය

තමන් එසේ මැදිහත් වූයේ කලාකරුවන් පිරිසකගේ ඉල්ලීමකට අනුව බව කලාකරුවන් සමඟ එකට සිට මාධ්‍ය හමුවක් තබමින් සේනාධිපති මහතා ප්‍රකාශයක්ද කළේ සිය මැදිහත්වීමට විශාල ප්‍රසිද්ධියක්ද ලබාදෙමින්.

ඒ නිසා රාමනායක මහතා නිදහස් දිනය දා නිදහස් කරනු ඇති බවට කලාකරුවන් තුළ මෙන්ම මහජනතාව තුළ විශාල බලාපොරොත්තුවක් ඇති වූ බව නොරහසක්.

එහෙත් ඒ බලාපොරොත්තු කඩ වුණා.

පොරොන්දුව කඩ වීම

ඒ රාමනායක මහතාට නිදහස නොලැබීම හේතුවෙන්.

මේ නිසා සේනාධිපති මහතා විසින් කලාකරුවන් ඇන්ද වූවාදැයි යන්න පිළිබඳ සාධාරණ සැකයකුත් දැන් මතු වී තිබෙනවා.

රාමනායක මහතා තමාට ලබා දුන් සිර දඬුවමින් මේ වන විට වසරක් ගෙවා අවසන්.

Rate this item
(2 votes)