May 05, 2024

'මෝඩ යකාට' කලින් මහින්දගේ ගිණුමට තවත් ලේකම් කෙනෙක් විදලා Featured

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුමකින් කෝටි ගණනක මුදල් සොරා ගත් ඔහු ළඟම සිටි පුද්ගලයෙකු පිළිබඳ වූ පුවත සම්බන්ධ උණූසුම මේවන විටත් පහව ගොස් නැහැ.

අදාළ මුදල් රැගෙන තිබුණේ මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ඔහුගේ ලඟින්ම සිටි උදිත් ලොකුබණ්ඩාර මහතා විසින්.

රාජපක්ෂ මහතාගේ බැංකු ගිණුමට අදාළ ATM කාඩ් පත මගින් ඔහු මෙලෙස වසර ගණනාවක් තිස්සේ මුදල් ලබාගෙන තිබූ බව සඳහන්.

මේ අතර නවතම පුවත් වාර්තාවලින් අනාවරණය වන්නේ අදාළ ATM කාඩ් පත මගින් මුදල් ලබාගැනීමට අමතරව විවිධ ගෙවීම් කටයුතු ද සිදු කොට ඇති බව යි.

රූපලාවණ්‍යාගාර, සුපිරි ඇඳුම් වෙළෙඳසල්, තරු පන්තියේ හෝටල් සහ ප්‍රධාන පෙළේ අවන්හල් ආදී ස්ථානවල බිල්පත් බවා එයින් ගෙවා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත් ලොකුබණ්ඩාර මහතා තමන් සිදු කළ වංචාව පිළි ගැනීම නිසාත්, සොරාගත් මුදල් යළි ලබා දීමට එකඟ වී ඇති නිසාත් ඔහුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු නොකිරීමට රාජපක්ෂ මහතා ඇතුළු පාර්ශවයෙන් තීරණය කර ඇති බව යි වැඩිදුරටත් වාර්තා වූයේ.

“ඔන්න ඕක අත ඇරලා දාන්න. CID ගිහින් වැඩක් නෑ” යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා එහි දී ප්‍රකාශ කොට ඇතැයි පැවසෙනවා.

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ ඇඟෙහි ගෑවෙන තරම් සමීපයේ සිට මුදල් සොරකම් කළ උදිත් ලොකුබණ්ඩාර මහතාගේ සිදුවීම අනාවරණය වූ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතා විසින්, මෙවැනිම අතීත සිදුවීමක් පිළිබඳ සිහිපත් කොට තිබෙනවා.

එම අතීත සිදුවීම අග්‍රාමාත්‍යවරයා සිහිපත් කොට ඇත්තේ මේ අයුරින්.

“එක්දහස් නවසිය හැත්තෑව හැත්තෑ හත කාලෙත් මගෙ පඩියට විදපු කතාවක් තියෙනවා. ඒ කාලේ මම මන්ත්‍රී. මගේ කාර් එකේ තමයි පඩිය බැංකුවෙන් ගන්න චෙක් පොත තිබුණේ. මගේ කාර් එකේ නිතරම ගියේ විජේයි, විලී ගමගේ යි. මම කොළඹ ඉඳලා ගෙදර යන්නෙත් එයායි, විලීයි එක්ක. විජේ මගේ ලේකම් වාගේ හිටියේ.

මම හිස් අතින් ගෙදර යනවා හැමදාම. දවසක් නංගී මට දොස් කිව්වා අම්මා එක්ක. ‘අයියා මන්ත්‍රී වෙලාත් එන්නේ හිස් අතින්. ඒකට විජේ. නිමල් අයියගේ කාර් එකෙන් විජේ ගේ ලඟින් බහින්නේ බඩු මලු පුරෝලා අතට අරගෙන’”

මේ අයුරින් කාලය ගත වෙද්දී මහින්ද රාජපක්ෂ මහතා සිය මෝටර් රථයට නව ටයර හතරක් දමා ගෙන ඇති අතර එම කටයුත්තට අදාල මුදල් ගෙවීම සඳහා එම වෙළඳ සැළට චෙක් පතක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් එම චෙක් පත අගරු වී ඇති බව වෙළඳසැල් හිමිකරු පසුව ප්‍රකාශ කොට ඇත්තේ රාජපක්ෂ මහතා පුදුමයට පත් කරවමින්.

ඔහු වහාම බැංකුවට ගොස් මේ පිළිබඳ විමසා තිබෙනවා.

එහි දී අනාවරණය වී ඇත්තේ එම බැංකු ගිණුවෙන් මුදල් ලබාගෙන ඇති නිසා ටයර් සඳහා අයකරගැනීමට තරම් මුදලක් එහි ඉතිරි වී නොමැති බවට යි.

සිද්ධිය පිළිබඳ රාජපක්ෂ මහතා මෙලෙස වැඩිදුරටත් පවසා තිබෙනවා.

“මම පැමිණිල්ලක් දාන්න CID එකට යන්න ගියා විජේ එක්ක. එයා මගදී මට වැඳලා කිව්වා ‘අනේ මහින්ද, මමයි සල්ලි ගත්තේ’ කියලා. මම තරහට ඌව කාර් එකෙන් බස්සලා ගෙදර ගියා. මම හිස් අතින් යනකොට අර යකා බඩු මලු අරගෙන ගිහින් තියෙන්නේ මගෙ සල්ලිවලින්. ඒ හින්දා ඔන්න ඕකත් අතඇරලා දාන්න. CID ගිහින් වැඩක් නෑ”

පසුගිය වසර කිහිපය පුරාම මහින්ද රාජපක්ෂ මහතාගේ සමීපයෙහිම සිටි පුද්ගලයා වූයේ උදිත් ලොකුබණ්ඩාර මහතා යි.

විශේෂයෙන් රාජපක්ෂ මහතා විපක්ෂයෙහි සිටි සමයේ දී එය කැපී පෙණුනා.

උදිත් ලොකුබණ්ඩාර මහතා වෙත එවකට අවධානය යොමු වූ සිදුවීමක් වූයේ 2018 වසරේ දිනෙක සාකච්ඡාවක් අවසන් වී පිටතට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා විසින් ලොකු බණ්ඩාර මහතාට “මහ මෝඩ යකෙක් මූ” යනුවෙන් බැණ වැදීම යි.

එම සිදුවීම එවකට කැමරාවන්හි සටහන් වූයේ පහත අයුරින්…

Rate this item
(1 Vote)
Last modified on Sunday, 30 January 2022 12:35