May 01, 2024

කොරේ පිටට මරේ : මාස 6 පැන්නොත් වතුරත් නැහැ - ජල මණ්ඩලයත් කඩුව අතට ගනී

මාස 6 ක් ඉක්මවා ජල බිල ගෙවා නොමැති ගෘහස්ථ පාරිභෝගිකයින්ගේ ජල සම්බන්ධතාවය ඉදිරි මාස කිහිපයේ විසන්ධි කිරීමට ජල සම්පාදන මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ ගෘහස්ථ පාරිභෝගිකයින් විසින් සිය ජල බිල්පත් ලෙස ජල සම්පාදන මණ්ඩලයට රු.මිලියන 3700 ක (රු. කෝටි 370) ගෙවීම මග
හැර ඇති නිසා.

වසංගතයේ සහනය

කොවිඩ් වසංගතයේ හේතුවෙන්ම ලබාදුන් සහන නිසා හිඟ ජල බිල්පත් වල වටිනාකම රු. මිලියන 3000 සිට 5100 දක්වා ඉහළ ගිය බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ජල බිල්පත් සඳහා ලබා දුන් සහනය අයුතු ලෙස පාවිච්චි කරමින් ගෘහස්ථ පාරිභෝගිකයින් හිතාමතාම ජල බිල්පත් ගෙවීම මග හරින බවයි ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙන්නේ.

ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම

මේ නිසා අකමැත්තෙන් වුවත් 6 මසක් ජල බිල්පත් ගෙවා නොමැති පාරිභෝගිකයින්ගේ ජල සැපයුම නතර කිරීම සඳහා විශේෂ මෙහෙයුමක් ඉදිරි මාස කිහිපය තුළ සිදු කරන බව එම මණ්ඩලය අනාවරණය කරනවා.

ජාතික ජල ජලසම්පාදන මණ්ඩලයේ ජල පහසුකම ලබන පාරිභෝගිකයින් 27,50,000 ක් පමණ සිටින අතර ඉන් 25,00,000 ක්ම ගෘහස්ථ පාරිභෝගිකයින්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 23 January 2022 12:40