May 06, 2024

"අපි වැස්සිට තණකොළ දෙනවා. වෙන අය කිරි දොවා ගන්නවා" : මිල්කෝ නව සභාපති කිරි කතාවකින්ම වැඩ භාර ගනී

මිල්කෝ ආයතනයේ නව සභාපති ලෙස රේණුක පෙරේරා මහතා මේ වන විට වැඩ බාර අරගෙන සිටින්නේ.

ඔහු පොදු ජන පෙරමුණේ පරිපාලක ලේකම්වරයාද වනවා.

දැඩි කලකිරීම

රේණුක පෙරේරා මහතා පසුගිය දින කිහිපයේ සිටියේ දැඩි කලකිරීමකින් බවයි දැනගන්නට තිබෙන්නේ.

විශේෂයෙන්ම ඔහුව ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති ධුරයට පත් කොට පැය කිහිපයකින් එම ධූරයෙන් යළි ඉවත් කිරීම නිසා.

මේ නිසා ඔහු මිල්කෝ ආයතනයේ සභාපති ධූරය භාර ගැනීමට කල් මරමින් සිටියේ.

හිතවතුන්ට කිව්ව කාරණය

ඊට හේතුවද ඔහු සිය කිට්ටුතම හිතවතුන් සමග පවසා තිබෙනවා.

"අපි වැස්සිට තණකොළ කපලා දෙනවා.වෙන අය කිරි දොවා ගන්නවා."

රේණුක පෙරේරා මහතා සිය කලකිරීම ප්‍රකාශ කර තිබුණේ ඔන්න ඔය විදිහට.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 22 January 2022 17:02