May 02, 2024

දැන් කැපෙන වී අස්වැන්නේ මිල මන්ත්‍රීවරිය හෙළිකරයි : හාල් කිලෝවේ මිල ඔබම හිතා ගන්න

ඉදිරි මාස කිහිපය තුළ හාල් කිලෝව රු. 250 ඉක්ම වන බවට අනාවැකි පළ වනවා.

ඒ අනාවැකියට සාක්ෂි සැපයෙන ප්‍රකාශයක් අද (20) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේග මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මිය කළා.

දැන් මිල ගනන්

ඒ මේ වන විට ගොයම් කැපෙන ප්‍රදේශවල වී කිලෝවක මිල ගනන් මන්ත්‍රීවරිය හෙළිදරව් තරමින්.

තිස්සමහාරාමයේ දැන් කැපෙන වී කිලෝවක මිල රු. 110 දක්වාත් අක්කරපත්තුවේ වේලපු නැති වී කිලෝවක මිල රු. 90 දක්වාත් ඉහළ ගොස් ඇති බව මන්ත්‍රීවරිය පෙන්වා දුන්නා.

පළමු කැපිල්ල

අම්පාර දිස්ත්‍රික්කයේද ගොයම් කැපීම මේ වන විට ආරම්භ වී ඇති බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය සාමාන්‍යයෙන් ඒ දිස්ත්‍රික්කයේ පළමු ගොයම් කැපිල්ලේදී වී මිල අඩු වන මුත් මෙවර දිනෙන් දිනම වී මිල වැඩි වන බවයි සඳහන් කරන්නේ.

මේ ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය ඒ බවයි කවිරත්න මහත්මිය සඳහන් කරන්නේ.

මන්ත්‍රීවරිය මේ අදහස් පල කලේ 9 වැනි පාර්ලිමේන්තුවේ 2 වැනි සැසිවාරය විවෘත කරමින් කළ රාජාසන කතාව සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය අමතමින්.

හාල් කිලෝවක් සෑදීම සඳහා වී කිලෝ එක හමාරක් පමණ අවශ්‍ය වනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 20 January 2022 13:16