May 02, 2024

හම්බන්තොට රාජ්‍ය ආයතනයක් ඉදිරිපිට ප්‍රබල හිමිනමක් සිවුරකට ගිනි තබයි (PHOTOS)

තමන් විසින් ජල බිලෙන් කොටසක් ගෙවා තිබියදී කිසිදු දැනුම්දීමකින් තොරව පැමිණ තිස්සමහාරාම කාවන්තිස්සපුර පිහිටි ධම්මවිජය විහාරයේ ජල සම්බන්ධතාවය විසන්ධි කළ බව පවසා එයට විරෝධය පළකරමින් විහාරයේ විහාරාධිපති ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ජල සම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළා.

ජලය විසන්ධි කිරීම හේතුවෙන් තමන් වහන්සේගේ එදිනෙදා කටයුතු මෙන්ම සිවුරු පවා සෝදා ගැනීමට නොහැකි තත්වයක් උදා වී  ඇති බව පවසමින් සිය සිවුරු ජලසම්පාදන මණ්ඩලයේ හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකාර කාර්යාලය ඉදිරිපිටදී ගිනි තැබීමට ද උන් වහන්සේ කටයුතු කර තිබෙනවා.

කෙසේ නමුත් ජල සම්පාදන මණ්ඩලයේ උසස් නිලධාරියෙකු කියා සිටියේ අද (18) සවස් වන විට ජල සම්බන්ධතාවය ලබා දෙන බවට උන්වහන්සේට පොරොන්දු වූ බවයි.

(හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 18 January 2022 17:09