May 03, 2024

හිටපු ජනපතිටත් ලයිට් කැපිල්ලක් : ආණ්ඩු හදන කතාවක් කළුවරේම කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී වෙනම ගමනක් යෑම සඳහා අවශ්‍ය කටයුතු මේ දිනවල ලහි ලහියේ සූදානම් කරමින් සිටිනවා.

එහි එක් පියවරක් ලෙස දුර්වලව තිබූ ප්‍රචාරණ යාන්ත්‍රණයද ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගත්තා.

නව ප්‍රචාරක මධ්‍යස්ථානය

ඒ අනුව නව ප්‍රචාරක මධ්‍යස්ථානයක් හිටපු ජනපති , ශ්‍රී.ල.නි.ප සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් පක්ෂ මූලස්ථානයේ 5 වැනි මහලේදී පිහිටුවනු ලැබුවා.

ඒ සඳහා හිටපු ජනපතිවරයා පැමිණියේ නියමිත වේලාවට පැයකට පමණ පසුවයි.

එහිදී අපූරු සිදුවීමක් සිදුවුනා.

රටේ ප්‍රශ්නය පක්ෂ මූලස්ථානයටත්

ඒ උත්සවයේ වැඩකටයුතු වැඩ කටයුතු පටන් ගැනීමට ආසන්නයේම විදුලිය විසන්ධි වීම.

හිටපු විදුලිබල අමාත්‍යවරයෙකු වූ මහින්ද අමරවීර මහතාද ඒ ගැන සොයා බැලුවත් කිසිවක් කර කියා ගැනීමට හැකි වූයේ නැහැ.

මේ නිසා උත්සවය පැවැත් වූ කාමරයේ ජනෙල් විවෘත කොට කළුවරේම උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ වුණා.

විදුලිය නොමැතිකම මත කථිකයින් සභාව ඇමතුවේ වේදිකාවට ගොඩ නොවී කළුවරේම තමන් ඉන්න තැන් වල සිටමයි.

කළුවරේම කී කතාව

හිටපු ජනපතිවරයාත් සභාව ඇමතුවේ ඒ ආකාරයට.

ඔහු කළුවරේම සඳහන් කළේ ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන බවත් එසේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අය කෝප නොවිය යුතු බවත්ය.

අද තිබෙන ප්‍රශ්න රැසක් ආණ්ඩුව හදා ගත් ඒවා බව කරුවලේම මතක් කිරීමට හිටපු ජනපතිවරයා අමතක කළේ නැහැ.

Rate this item
(5 votes)
Last modified on Saturday, 15 January 2022 12:21