May 03, 2024

කැබිනට් සංශෝධනය සිදු නොවීම මත ඇමති දෙපලක් දැඩි කලකිරීමක

නව වර්ෂයේ ආරම්භයේදීම කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදු වන බව ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ වුණා.

එහෙත් එවැන්නක් ළඟදීම සිදු නොවන බවයි දැන් ප්‍රකාශ වන්නේ.

කලකිරුණු ඇමැති දෙපළ

කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු නොවීම හේතුවෙන් කලකිරීමට පත් ඇමතිවරුන් දෙදෙනෙකු ගැන දැනගන්නට තිබෙනවා.

ඒ වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන්.

ඔවුන් දෙපළ වෙනත් අමාත්‍යාංශ ඉල්ලා සිටි බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

සැලකිල්ලට ගත යුතු පදනම

අමාත්‍යංශයක් මාරු කිරීමේ සැලකිල්ලට ගත යුතු පදනමද බන්දුල ගුණවර්ධන මහතා විස්තර කර දී තිබුණා.

යම් අමාත්‍යවරයෙක් දැන් කරන අමාත්‍යාංශය අසාර්ථක නම් ඔහුට වෙනත් අමාත්‍යංශයක් දිය යුතු බවත් යම් අමාත්‍යවරයෙක් වංචනික කටයුතු කර තිබේ නම් ඔහු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කළ යුතු බවයි ගුණවර්ධන මහතා පෙන්වා දී තිබුණේ.

එහෙත් යම් අමාත්‍යවරයෙක් තමන් දරන අමාත්‍ය ධූරයේ අසාර්ථකව වැඩ කටයුතු කර තිබේ නම් ඔහුට වෙනත් ඇමති ධූරයක් ලබා දීමෙන් එය සාර්ථකව කර හැක්කේ කෙසේද යන්න පිළිබඳව ගුණවර්ධන අමාත්‍යවරයා කරුණු පෙන්වා දී නැහැ.

35 වසරක දේශපාලනය

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාද කෘෂිකර්ම අමාත්‍ය ධුරය නිසා තමන් වසර 35 ක් ගොඩ නගා ගත් දේශපාලන ප්‍රතිරූපය විනාශ වූ බව සිය අමාත්‍යංශයේ පැවති රැස්වීමකදී ප්‍රකාශ කොට තිබුණා.

භාණ්ඩ මිල ඉහළ යෑම මට ගුණවර්ධන අමාත්‍යවරයාත් කාබනික පොහොර ප්‍රශ්නය මත අලුත්ගමගේ අමාත්‍යවරයාත් ජනතාවගේ දැඩි විවේචනයට මෙන්ම මෙන්ම හාස්‍යයට ලක් වූ දෙපළක්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 15 January 2022 10:04