ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ 72 වෙනි උපසම්පදා විනය කර්මය නාරංවල ශ්‍රි සුමන කීර්ති මහ පිරිවෙන මූලික කොටගෙන කඩුවෙල පාලම ආසන්නයේ කැළණි නදියේ ස්ථාපිත කොට තිබෙන සීමා මාලකයේදී සාමනේර ස්වාමීන් වහන්සේලා 500 නමක් උපසම්පදා ශීලයේ පිහිටුවීම ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහානායක අග්ග මහා පණ්ඩිත මකුලෑවේ ශ්‍රී විමල මාහිමිගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ හෙට (14) සිට පුරා සති 02 කට ආසන්න කාලයක් විනය කර්මය සිදු කිරීමට කටයුතු සංවිධානය කොට තිබෙනවා.
මෙම උත්සවය ආරම්භ වන හෙට (14) දින රාත්‍රී 08.14 ට යෙදී ඇති සුභ මොහොතින් සීමා මාලකය වෙත සධාතුක කරඩුව තැන්පත් කර චාරිත්‍රානුකූල විනය කර්මය සිදු කිරීමට නියමිතයි.
ඊට අමතරව ජනවාරි මස 19 වන දින සවස 04.00 ට මෙම විනය කර්මය සඳහා ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ අනුනායක ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ආගමික අවස්ථාව නාරංවල ශ්‍රී සුමන කීර්ති මහ පිරිවෙනේදී පැවැත්වීමට නියමිතයි.