May 03, 2024

රු.5000 ත් පත්තු වෙයි : ඇයි අපි - අපිටත් ඕන Featured

රජයේ සේවකයන්ට දුන් රු. 5000 මාසික දීමනාව වතු කම්කරුවන්ට නොදෙන්නේ ඔවුන් රොබෝවරු නිසාදැයි වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා ප්‍රශ්න කරනවා.

සමගි ජන බලවේගය නියෝජනය කරන ඔහු රජයේ සේවකයන්ට දුන් රු.5000 දීමනාව අගය කරන අතර ලෝකයට ණය ගෙවන්නේ කිසිවෙකුටත් හිරිහැරයක් නැතුව ජීවත් වන වතු කම්කරු ජනතාවට නිපදවන තේ වලින් බවද මතක් කර දෙනවා.

ණය ගෙවන තේ

මේ වන විට ලෝකයේ විවිධ රටවලට අපිට ණය වලට හිලව් ලෙස තේ ලබාදෙන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ රු.5000 දීමනාව ලබා දීමේදී ඔවුන්ව අමතක කලේ ඇයි දැයි විමසමින්.

ඒ නිසා රජයේ සේවකයන්ට දුන් රු.5000 වතුකම්කරුවන්ටද ලබාදීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුවෙන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටිනවා.

ආණ්ඩුව බලයට ඒමේදී වතු ජනතාවට බෞද්ධ පොරොන්දු දුන් බව සඳහන් කරන ඔහු කිහිපයක්ද මතක් කර දෙනවා.

දුන් පොරොන්දු

ඉඩම් ඔප්පු දෙන්නම් , වතුකරයට වෙනම විශ්ව විද්‍යාලයත් දෙන්නම් , ගෙවල් හදන්නම් , ගුරු පත්වීම් දෙන්නම් කියා පොරොන්දු වූ ආණ්ඩුව මේ වන විට ගුරුවරුන්ට වැඩි කළ මුදලවත් වතුකරයේ ගුරුවරුන්ට ලබා දී නැති බව සඳහන් කරනවා.

එහෙත් මේ වෙනතුරුත් ඒ කිසිදු පොරොන්දුවක් ලබා ලබා දී නැති බවයි ඔහු අවධාරණය කරන්නේ.

වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයා මෙම ඉල්ලීම කළේ මාධ්‍ය හමුවක් තබමින්.

Rate this item
(5 votes)
Last modified on Saturday, 08 January 2022 11:56