රෙජිනෝල්ඩ් කුරේ මහතා රූපවාහිනි සංස්ථාවේ  සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කර සිය කාර්යාලය සහ නිල රථය බාරදී ඊයේ(06) දහවල් 12.30ට පමණ රූපවාහිනි සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වනවා.

රජයේ මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමට රජය ගත්  තීරණයක් අනුව රූපවාහිනි සංස්ථා සභාපතිවරයාද මාරු කිරීමට නියමිතව තිබුණි.

ඒ අනුව රූපවාහිනී සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මහතා පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත්, එම මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන මහතා රූපවාහිනි සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් පත් කිරීමට කටයුතු යොදා තිබුණු බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත් රූපවාහිනි සංස්ථා සභාපති ධූරයෙන් නික්ම යෑමට පෙර සේවකයන් අමතා රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසා ඇත්තේ එවැනි පුටු මාරුවකට තමන්ගේ කිසිම කැමැත්තක් නොමැති බවයි.