May 04, 2024

උසස් පෙළ සිසුන්ට චාන්ස් එකක් - ප්‍රශ්න පත්‍රයේ පිළිතුරුත් තිබිලා (PHOTOS)

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබු අ.පො.ස උසස්පෙළ තෙවන වාර විභාග පරික්ෂණයේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයේ ii වැනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමග පිළිතුරු ද මුද්‍රණය කර තිබෙනවා.

අද (05) උදෑසන 11.30ට බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාල දෙවැනි ප්‍රශ්න පත්‍රය සිසු දරු දැරියන්ට ලබා දීමට නියමිතව තිබුණා.

ප්‍රශ්නපත්‍ර කට්ටලය විවෘත කරන අවස්ථාවේ බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සමඟ පිළිතුරු ද සදහන් කර ඇති බව දැනගෙන තිබෙනවා.  

ප්‍රශ්න පත්‍රයේ මුල් පිටුවේ ප්‍රශ්න 08ක් සදහන් කර ඇති අතර 02,03,04 යන පිටුවල එම ප්‍රශ්නවලට අදාළ පිළිතුරු සදහන් කොට තිබී තිබෙනවා.

පසුව කලාප අධ්‍යාපන කාර්යාල මගින් ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පමණක් ඇති මුල් පිටුව ජායා පිටපත් කොට ලබා දෙන ලෙස  පාසල්වල විදුහල්පතිවරුන්ට දුරකථන මාර්ගයෙන් දැනුම් දි තිබෙනවා.

මේ නිසා පාසල්වල විදුහල්පතිවරුන් ද දැඩි අසරණ තත්වයට පත්ව සිටියා.

ඇතැම් පාසල්වල ජායා පිටපත් යන්ත්‍ර නොමැති අතර මේ නිසා එම පාසල්වල විදුහල්පතිවරු නැවත ප්‍රශ්න පමණක් ජායා පිටපත් කිරිමේ දී ගැටළු රැසකට ලක් වී තිබෙනවා.

මේ පිළිබද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතාගෙන් අප කළ විමසුමකදී ඔහු සඳහන් කළේ දරුවන්ට ලබා දී ඇත්තේ ප්‍රශ්න පත්‍ර පමණක් බවයි.

(ගාල්ල - ලලිත් චාමින්ද)

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 January 2022 16:50