May 06, 2024

සරත් - සරත් මුහුණට මුහුණ හමු වේ : කලකට පසු සුහද කතා බහක Featured

December 31, 2021

මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර සහ සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා යන මහත්තුරුන් අතර ඇත්තේ නයි මුගටි වෛරයක්.

දෙදෙනා නිරන්තරයෙන්ම පාර්ලිමේන්තුව තුළ ගැටීම ඊට හේතුව.

අම්පාරේ මුණ ගැසීම

එහිදී දෙදෙනාම දෙදෙනාට එරෙහිව සිය පැරණි පැටිකිරියන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් හමුවේ තැබීමට අමතක කරන්නේ නැහැ.

එහෙත් මේ දෙදෙනා මීට දින කිහිපයකට පෙර අම්පාරේදී මුණගැසුණා.

ඒ සරත් වීරසේකර මහතාගේ සොහොයුරා වූ අපවත් වී වදාළ අම්පාර බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ වැඩ විසූ බුද්ධංගල ආනන්ද හිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදී.

සුහද කතාබහ

එහිදී දෙදෙනා දේශපාලන මතිමතාන්තර පැත්තකට කොට වෙනදා මෙන් නොව නොව ඉතා සුහද කතා බහක යෙදුණා.

අපවත් වී වදාළ බුද්ධංගල ආනන්ද හිමියන්ද කලක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ නිලධාරියෙක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 31 December 2021 13:28