May 03, 2024

හදිසියේම හම්බන්තොට කඩ සාප්පු වසා දමයි - නියෝගය පිස්තෝල නගරාධිපතිගෙන් (PHOTOS) Featured

December 30, 2021

හම්බන්තොට ලුණු ලේවායේ සභාපතිවරයාගේ අත්තනෝමතික ක්‍රියාවන් හේතුවෙන් පීඩාවට පත්වන ජනතාව වෙනුවෙන් ඔහුව ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරුන් හා ප්‍රදේශවාසී ජනතාව විසින් ඉකුත් 27 දින හම්බන්තොට මහා ලේවාය ඉදිරිපිටදී ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට සහයෝගය පළකරමින් අද (30) හම්බන්තොට නගරයේ වෙළද ව්‍යාපාරිකයින් සියළුදෙනා කඩසාප්පු වසා,  කළුකොඩි ප්‍රදර්ශනය කරමින් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබුණා.

හම්බන්තොට මහා ලේවාය ඉදිරිපිට හම්බන්තොට නගරාධිපතිවරයා ආරම්භ කරන ලද සත්‍යග්‍රහය තුන්වන දිනටත් ක්‍රියාත්මක වන අතර ඊට සහයෝගය පල කරමින් හම්බන්තොට මහා ලේවායේ සේවකයින්ද අද පෙරවරුවේ ලේවායේ සභාපතිවරයාට විරෝධය පළ කරමින් හා තම වැටුප් වැඩි කරදෙන ලෙස ඉල්ලා විරෝධතාවයේ නියැලුණා.

(හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 14:10