April 20, 2024

බෝකුන්දර අනතුර : ප්‍රභූ කාන්තාව අත්අඩංගුවට ගත් සැණින් ඇප දීලා (VIDEO)

December 30, 2021

හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිළියන්දල - බෝකුන්දර ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවුණේ ඊයේ (29) පෙරවරු 6.15ට පමණ.

කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගයේ පයින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටුණා.

අනතුරට ලක්වූ පුද්ගලයා ඒ අසල තිබූ කාණුවක සිරවී සිටි අතර ඔහු රෝහල් ගත කළ නමුත් ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නැහැ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ වේරහැර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වියේ පසුවන කුලී රැකියාවල නිරත අවිවාහක පුද්ගලයෙක්. 

අනතුර සිදු වූ අවස්ථවේදී අදාළ ජීප් රථය පදවා තිබුණේ 52 හැවිරිදි කාන්තාවක් විසින්.

අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය තුළ එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා, දියණිය සහ තවත් පුද්ගලයෙකු සිට ඇති අතර, ඔවුන් කිසිවෙකුටත් තුවාල සිදුව නැහැ.

පොලිසිය පැවසුවේ ඔවුන් ගාල්ල හික්කඩුව ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට නුගේගොඩ පිහිටි සිය නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාව ඊයේ පස්වරුවේ කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඇය රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපමත මුදා හැරීමට නියෝග කෙරුණා.

සැකකාර කාන්තාව විසින් එහිදී වින්දිත පාර්ශ්වයට රුපියල් ලක්ෂයක සානුකම්පිත දීමනාවක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.

මෙලෙස පැය කිහිපයක් ඇතුළත ඇයට ඇප හමුවීමට හේතුව ඇය ප්‍රභූ පන්තියේ කාන්තාවක් වීම නිසාද?

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 December 2021 15:07