May 05, 2024

සෞඛ්‍ය මාර්ගෝපදේශ රකිමින් කිතුණු බැතිමතුන් නත්තල සමරයි (PHOTOS)

December 25, 2021

ජේසු සමිදාණන්ගේ උපත සිහි කෙරෙන අසිරිමත් නත්තල ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ (24) මධ්‍යම රාත්‍රීයෙන් උදා වුණා.

සාමයේ පණිවුඩය රැගෙන ආ ක්‍රිස්තූන් වහන්සේගේ උපත කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවරත් ජනතාවට සැමරීමට සිදුව තිබෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි.

ලොව පුරා කිතුණු බැතිමතුන් නත්තල් දිනය ඉතා උත්කර්ෂවත් අයුරින් සැමරීම සිදු කරයි.

මෙරට ප්‍රධාන නත්තල් දේව මෙහෙයට එක්වෙමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සිහිපත් කරන්නේ පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් තවමත් සොයා ගැනීමට අපොහොසත් වී ඇත්තේ ආත්මාර්ථකාමය නිසා බවයි.

මේ අතර උදාවූ අසිරිමත් නත්තල් උතුරු පළාතේ පිහිටි සියලු කිතුනු ආගමික දේවස්ථානය තුළ අද (25) උදෑසන සිට විශේෂ දේව මෙහෙයන් පවත්වනු ලැබුවා.

වවුනියාව, කිලිනොච්චි, මුලතිව්, මන්නාරම සහ යාපනය දිස්ත්‍රියන්හි පිහිටි සියලුම කිතුනු දේවස්ථාන තුල පැවති විශේෂ දේව මෙහෙයන් සඳහා උතුරේ කිතුනු බැතිමතුන් සහභාගි වූවා.

එමෙන්ම උතුරේ ස්ථාන රැසක අසිරිමත් නත්තල වෙනුවෙන් විවිධ වූ සැරසිලි සංවිධානය කොට තිබුණු අතර කිලිනොච්චිය ඉයක්කච්චි ප්‍රදේශයේ පිහිටි කාබනික පොහොර නිෂ්පාදන ගොවිපළකදී ඉවත් කරන ලද ටයර් යොදා ගනිමින් විශාල නත්තල් ගසක් නිර්මාණය කොට තිබූ අයුරුද දැකගත හැකි වුණා.

මේ අතර වතුකරයේ ප්‍රධාන දේව මෙහෙය හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේදි (24) දින මධ්‍යම රාත්‍රියේ පැවැත්වුණා.

මේ අතර නුවරඑලිය දිස්ත්‍රික්කයේ වසර 100 කට වඩා ඉපැරණි ප්‍රධාන කිතුනු දේවස්ථානයක් වශයෙන් සැලකෙන හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පියතුමණ් වන නිව්මන් පෙරේරා පියතුමාණන් විසින් දේව මෙහෙය පැවැත්වුණා.

නත්තල් දින ප්‍රධාන දේව මෙහෙය සිංහල සහ දමිල භාෂාවෙන් පැවැත් වු අතර වතුකරයේ කිතුනු බැතිමතුන් විශාල පිරිසක් නත්තල් දින දේව මෙහෙයට සහභාගි වි සිටියා.

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට යුධ හමුදාව සහ පොලිසිය එක්ව දැඩි ආරක්ෂාවක් යෙදවා තිබුණා.

මේ අතර රටපුරා පසුගිය පැය 24 දී (නත්තල උදා වූ කාලයේදී )  සිදුවූ අනතුරුවලින්  තුවාල ලැබූපුද්ගලියින් 175  දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවසුවා.

මෙය පෙර වසරේ නත්තල් දිනයේ සිදු වූ අනතුරු වලට සාපේක්ෂව  සියයට 22 පමණ වැඩිවීමක් බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.

මේ අනුව මාර්ග අනතුරුවලට ලක්වූ 31 දෙනෙක් සහ නිවෙස් වල සිදු වූ  අනතුරුවලට ලක්වූ 26 දෙනෙක්  26 දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 25 December 2021 16:53