April 25, 2024

හිටපු ඇමති වීරකෝන් අභාවප්‍රාප්ත වෙයි

December 25, 2021

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වූ ගුණරත්න වීරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ කොළඹ පෞද්ගලික රෝහලක දී.

ගුණරත්න වීරකෝන් මහතා සැළකෙන්නේ කරන්දෙණියෙන් බිහිවූ පළමු එකම කැබිනට් අමාත්‍යවරයා ලෙස යි.

ඒ මහතා මියයන විට 74 වැනි වියෙහි පසු වූවා.

ඔහු දෙදරු පියෙකු ද වනවා.

ගුණරත්න වීරකෝන් මහතා ප්‍රථමයෙන් දේපශපාලනයට පිවිසියේ ජනතා විමුක්ති පෙරමුණෙන්.

පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කරන්දෙණිය ප්‍රාදේශීය සභාවට ඔහු තේරී පත් වූවා.

දකුණු පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස ද ඔහු වසර ගණනාවක්ම සේවය කර තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඒ මහතා මියගොස් ඇති අතර එම රෝහලෙහි ඔහු සතියක පමණ කාලයක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටි බව සඳහන්.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (26) පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත යි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 25 December 2021 21:02