May 02, 2024

ආනන්ද එස්. විජේසිරි අභාවප්‍රාප්ත වෙයි

December 07, 2021

ප්‍රවීණ වේදිකා නාට්‍ය රංගන ශිල්පී ආනන්ද.එස්.විජේසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ මහතා වේදිකා නාට්‍ය රංගන අධ්‍යක්ෂවරයෙකු ලෙසද නිර්මාණයන් සිදු කර තිබෙනවා.

ආනන්ද.එස්.විජේසිරි මහතා තිර පිටපත් රචකයෙක්, ගේය පද රචකයෙක්, නවකතාකරුවෙක් හා ගායකයෙක් ලෙසද ජනාදරයට පත්ව තිබෙනවා.

‘නෙත් අඳ බිසව්’, ‘දෙව් ලොව යනකං’, ‘බැද්දේ ගෝරනාඩුව’, ‘අහසින් යන උන්’, ‘සෝමාදේවී’, ‘ජුලියස් සීසර්’, ‘ඔතෙලෝ’, නැට්ටුක්කාරයෝ යන වේදිකා නාට්‍ය රැසක් රචනා කරමින් අධ්‍යක්ෂණය කළ ආනන්ද එස් විජේසිරි මහතා, ‘සුදු පරවියෝ’, ‘මාල ගිරව්’, ‘චන්ඩින්ගෙත් චන්ඩියා’, ‘පුතුණි මට සමාවෙන්න’, ‘වන බඹරා’, ‘අංගුලි මාල’, ‘අම්මේ ඔබ නිසා’ යන චිත්‍රපට සඳහා ද තිරරචකයෙකු, දෙබස් රචකයෙකු ලෙස දායක වී තිබෙනවා.

ගල්කිස්ස, කලාපුර, පදිංඟිව සිටි විජේසිරි මහතාගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙනු ඇති.

Rate this item
(0 votes)