May 03, 2024

මනුෂ වෙනුවෙන් ගාල්ලේ විරෝධතා (PHOTOS)

December 06, 2021

සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතාට පාර්ලිමෙන්තුවේ දි එල්ල වු මැර තර්ජයන්ට විරෝධද දක්වා අද (06) පෙරවරුවේ ගාල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදි විරෝධතාවයක් පැවැත්වුණා.

"මිලේච්චත්වයෙන් ජනහඩ මර්ධනය හෙලා දකිමු", "ගාල්ලේ අපි මනුෂ ඔබ සමගයි" ආදි සටන්පාඨ කියමින් විරෝධතාකරුවන් ගාල්ල සමනළ ක්‍රිඩාංගනය අසල සිට පෙළපාලියකින් පැමිණ ගාල්ල බස්නැවතුම් පොළ ඉදිරිපිට සිට විරෝධතාවයේ නිරතව සිටියා.

මෙකි විරෝධතාවය සදහා හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි සුමනසිරි ලියනගේ, අම්බලන්ගොඩ ආසනයේ සංවිධායක  ආනන්ද අබේවික්‍රම, කණිෂ්ක ලැනරෝල් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියා.

(ගාල්ල - ලලිත් චාමින්ද)

 

 

Rate this item
(1 Vote)