May 08, 2024

මාධ්‍යවලට දෙන රජයේ දැන්වීම් නතර කරන ලෙස ජනපතිගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කරලා

November 25, 2020

මාධ්‍ය ආයතන වලට ලබාදෙන සියලුම රජයේ දැන්වීම් නතර කරන ලෙසට ජනාධිපතිවරයා සිය අත්සනින් යුතුව චක්‍රලේඛයක් ඊයේ (24) නිකුත් කොට තිබෙන බව සමගී ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදී.

එම චක්‍රලේඛනය තමා සභාගත කරන බවද මන්ත්‍රීවරයා සභාවට දැනුම් දෙන ලදී.

මාධ්‍ය ආයතන වලට ලැබෙන දැන්වීම් වලින් 40%ක් ම ලැබෙන්න රජයේ දැන්වීම් බවද නානයක්කාර මහතා පෙන්වා දෙයි.

මෙම චක්‍රලේඛය හරහා මාධ්‍ය ආයතන බිය කොට තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවීම රජයේ අරමුණ බව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මුදල් නැති ඇතැම් කුඩා මාධ්‍ය ආයතන තිබෙන බවත් පෙන්වා දෙන නානායක්කාර මහතා දැන්වීම් නතර කිරීම හරහා එම ආයතන තමන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීම සඳහා නම්මවා ගැනීම ආණ්ඩුවේ අරමුණ බවත් පෙන්වා දෙයි.

Rate this item
(1 Vote)

Related items