May 02, 2024

නගරාධිපතිවරුන්ට ලැබෙන අලුත්ම වරප්‍රසාදය : හොරෙන් ලයිට් ගැනිල්ල

November 25, 2021

මහරගම නගරාධිපතිවරයා වන චිරාජ් ලක්රුවන් මහතාගේ පියා සිය නිවසට අනවසරෙන් විදුලිය ලබාගැනීම හේතුවෙන් අත් අඩංගුවට පත්වුණා.

ඒ අවස්ථාවේදී මහරගම නගරාධිපතිවරයා සඳහන් කළේ එසේ විදුලිය ගැනීම සිය නගරාධිපති වරප්‍රසාද අනුව කළ බවයි.

සාධාරණ මිනිස්සු

"අපි සාධාරණ මිනිස්සු.ලයිට් එකක් දාගන්න එක නගරාධිපතිවරයාගේ වරප්‍රසාද."

නගරාධිපතිවරයා සිය පියාගේ නිවසට අනවසර විදුලිය ගැනීම ගැන සඳහන් කරන්නේ ඔය විදිහට.

හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට රාත්‍රී කාලය පුරාම අධි බලැති විදුලි බල්බ දැල්වෙමින් ඇතැයි ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී මෙම වංචනික කටයුත්ත හෙලිදරව්ව තිබෙනවා.

විත්තිකරු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්

විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් කරන ලද එම වැටලීමේදී හෙළිදරව් වූයේ අදාල නිවසට විදුලි කණු දෙකකින් නීත්‍යානුකූල නොවන ලෙස අනවසරින් විදුලිය ලබාගෙන තිබුණු බවයි.

ඒ අනුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මහරගම නගරාධිපතිවරගේ පියා විශ්‍රාමික පොලිස් නිලධාරියකු බවටයි තොරතුරු හෙළිදරව් වී තිබෙන්නේ.

කණා පාරකින් නගරාධිපති

ලක්රුවන් මහතා 2018දී මහරගම නගරාධිපති ධූරයට පත්වූයේ අහම්බයක් ලෙසයි.

මහරගම නගර සභාව සඳහා ඉදිරිපත් කළ පොදුජන පෙරමුණ අපේක්ෂක ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම නිසා ලක්රුවන් මහතාගේ නායකත්වයෙන් යුත් බයිසිකලේ ලකුණෙන් තරග කළ ස්වාධීන කණ්ඩායමට පොදු ජන පෙරමුණ සහයෝගය ලැබුණා.

ඒ පොදුජන පෙරමුණ සමග ඇති කරගත් එකඟතාවයකට අනුව.

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 10:58