May 03, 2024

"තොප්පිය හරිනම් දාගන්න" : හරීන් - වෙල්ගම හීනියට හැප්පෙයි

November 22, 2021

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙපළක් වන හරින් ප්‍රනාන්දු හා කුමාර වෙල්ගම මහත්වරුන් අතර යම් මතභේදාත්මක තත්ත්වයක් පාර්ලිමේන්තුවේදී ඇති වුණා.

ඒ මීට ටික දිනකට පෙර කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ කළ අතිශයින් ජනප්‍රිය වූ මතභේදාත්මක කතාව තුළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ නම නොකියා ඔහු පිළිබඳව සඳහනක් කිරීම මුල් කොටගෙන.

රෝහල් ගත වීම

එහිදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ ඇතමුන් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට එරෙහිව යම් යම් බරපතළ චෝදනා කළත් ඉන් පසුව ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමේදී ඊට බියේ රෝහල් ගත වන බවයි.

තමා නම් කිසි විටෙකත් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට බිය නොවන බවද වෙල්ගම මහතා සඳහන් කළා.

අද (22) පාර්ලිමේන්තුවේදී හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විශේෂයෙන්ම ජනපතිවරයා විවේචනය කරමින් කළ කතාව අවසාන වීමත් සමඟ වෙල්ගම මන්ත්‍රීවරයා හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සදහනක් කළා.

නමක් කිව්වේ නැහැ

තමා එදා කතාවේදී රෝහල්ගත වීමක් ගැන කිව්ව බව ඇත්ත මුත් කිසිවකුගෙන් නමක් සඳහන් නොකළ බවත් තොප්පිය හරි නම් දාගත්තට තමන්ට කරන්නට දෙයක් නැති බව වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කළේ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා එම කතාවට ප්‍රතිචාර දැක්වීමක් ගැන මතක් කරමින්.

ඊයේ (21) හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඔහුට හිතවත් කලු මහත හිමි නමක් ලවා අර වෙල්ගම ජනපතිවරයාට පිස්සා කියනවා යැයි කියෙව්ව බවත් තමන් ඒ කිසිවකටත් බිය නැති බව සඳහන් කළේ ඒ ඕනෑම දේකට අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව කැදවුවහොත් ඊට මුහුණ දීමට සූදානම් බවද ප්‍රකාශ කරමින්.

ඒත් හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඊට ප්‍රතිචාර දැක්වීමට කටයුතු කළේ නැහැ.

Rate this item
(1 Vote)
Last modified on Monday, 22 November 2021 16:54