නැනෝ යූරියා දියර ගෙන්වීමට තමාගේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ සමගි ජන බලවේගය මන්ත්‍රීවරියක වන රෝහිණී කවිරත්න මහත්මිය විසින් ඉකුත් 19 වැනි දින රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින්.
මන්ත්‍රීවරියගේ ප්‍රකාශය
මේ ගනුදෙනුවට තමා සම්බන්ධයක් නැති බවත් පොහොර පිළිබඳ වගකීම තිබෙන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයාට බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළ බව පෙන්වා දෙමින් ඒ හරහා වංචාවක් කළේ ශෂේන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා දැයි මන්ත්‍රීවරිය එදින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ශෂීන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යවරයා සිය වරප්‍රසාද යටතේ ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ එම ගනුදෙනුව කැබිනට් මණ්ඩල අනුමැතියකින් සිදු වූ බවත් තමා කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන බවත්ය.
ගනුදෙනුවට සම්බන්ධයක් නැහැ
ඒ නිසා තමා මේ ගනුදෙනුවට කිසිදු ඇඟිලි ගැසීමක් කර නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
එම පොහොර ලංකාවට ගෙන ඒමේදී තමා සමඟ කිසිදු සබඳතාවයක් නොතිබූ බව එම පොහොර ලංකාවට ගෙන ආ සමාගමේ සභාපතිවරයා වන මෝහන් පෙරේරා යන අය පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
එනිසා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී තමා සභාවේ නොසිටි අවස්ථාවක තමා සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය කළ අසත්‍ය ප්‍රකාශය තමන් තරයේම හෙළා දකින බවද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළා.