May 10, 2024

"අර්බුධ රැසක් හැදිලා - ආණ්ඩුවේ ජනප්‍රියත්වය සීග්‍රයෙන් පහළට" - මන්ත්‍රීවරියක් කියයි

November 07, 2021

විශාල ජනප්‍රියත්වයක් හරහා තුනෙන් දෙකක බලයක් ලබාගත් ආණ්ඩුව වසර දෙකක් ඉක්ම යන විට ක්‍රමයෙන් පිරිහීමට පත්වෙමින් තිබෙන බවත්, ඒ නිසා අඩුවෙමින් තිබෙන ජනප්‍රියත්වය ආරක්ෂා කර ගැනීම සඳහා විවිධ අර්බුද නිර්මාණය කරමින් සිටින බවත් ජාතික ජන බලවේගය පවසනවා.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ මෙය ජනතා විරෝධය එල්ල වන ඕනෑම ආණ්ඩුවක් අනුගමනය කරන පිළිවෙත බවයි.

ඒ අනුව පසුගිය කාලයේදී යටගොස් තිබූ ජාතිවාදය යළිත් ඉස්මතු වෙමින් තිබෙන බව පෙන්වා දෙන මන්ත්‍රීවරිය සඳහන් කරන්නේ ආණ්ඩුව විසින් එය සැළසුම් සහගතව සිදු කරන ක්‍රියාවක් බවයි.

ජාතිවාදය ඉස්මතු කිරීම හරහා ජනතාව මුහුණ දී සිටින සැබෑ ප්‍රශ්න යට ගැසීමට උත්සාහ කරන බවත්, ආණ්ඩුව තුළ නිර්මාණය වී තිබෙන අර්බුද යටපත් කර ගැනීමට උත්සාහ දරන බවත් ඇය පවසනවා.

ජාතිවාදය වැනි කරුණු ඉස්මතු කරමින් ආණ්ඩු විවේචනය, ආණ්ඩු විරෝධය ඇතුලත් දේශපාලන සංවාද වෙනත් මගකට හැරවීමට ආණ්ඩුව දරන උත්සාහය සම්බන්ධයෙන් කණගාටුවට පත්වන බවද හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරනවා.

Rate this item
(0 votes)