May 10, 2024

අපේ නායකයින්ගේ මැදිහත් වීම නිසා විශාල ඛේදවාචකයකට මුහුණ දීලා - හරිනි අමරසූරිය

මෙවැනි වසංගත, මෙවැනි ආපදා වලදී නායකත්වය ගැන අවබෝධ කර ගත හැකි බවත් නායකයන් කියන්නේ සියලුදේ දන්නා පුද්ගලයින් නොවන හෙයින් නායකයින්ට උපදෙස් ලබා ගැනීමට හැකියාවක් තිබිය යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද(05) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අවශ්‍ය තැනට අවශ්‍ය පුද්ගලයින් පත් කර ගෙන නොදන්නා දේවල් පිළිබඳ උපදෙස් ලබා ගැනීමට නායකත්වයට හැකියාවක් තිබිය යුතු බවත් ඒ සඳහා නිවැරදි පුද්ගලයින් තෝරා ගත යුතු බවත් එහිදී ශක්තිමත් නායකයෙකු නම් තමන්ව විවේචනය කරන, වෙනස් අදහස් දරන අය මෙවැනි අවස්ථාවක ලං කර ගත යුතු බවත් මන්ත්‍රීවරිය පෙන්වා දුන්නාය.

නමුත් අපේ අවාසනාවකට එවැනි නායකත්වයක් පෙන්නුම් නොකරන බවත් අපේ නායකයින් වෙනස් විදිහට මැදිහත් වීම තුළින් විශාල ඛේදවාචකයකට මුහුණ දී සිටින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේබව ප්‍රකාශ කළාය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 05 May 2021 12:51