May 01, 2024

(EXCLUSIVE) මෛත්‍රී ජනපති කළේ ඇමරිකාව: රනිල් එක්ක ඩීල් එක දාපු හැටි හිටපු ඇමති හෙළි කරයි

November 06, 2021

2015 ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව පොදු අපේක්ෂකයා තේරීම සම්බන්ධයෙන් ඇමරිකාව කළ මැදිහත්වීම පිළිබඳව තොරතුරු හිටපු ප්‍රබල අමාත්‍යවරයෙක් හෙළිදරව් කරනවා.

ඒ පසුගිය යහපාලන ආණ්ඩුවේ සිටි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතායි.

ඇමරිකාවේ සැලැස්ම

ඔහු සඳහන් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පොදු අපේක්ෂකයා කිරීම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සැලසුමක් බවයි.

රනිල් වික්‍රමසිංහ මහතාට ජනපතිවරණය ජය ගැනීමට නොහැකි බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බව දිසානායක මහතා හෙළිදරව් කරනවා.

ඒ අනුව පොදු අපේක්ෂකයා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හෝ ඇය විසින් නම් කරන කෙනෙකු වනු ඇති බව එම දෙපාර්තමේන්තුව වික්‍රමසිංහ මහතාට දැනුම් දුන් බවයි දිසානායක මහතා සඳහන් කරනවා.

රනිල් - මෛත්‍රී ඇමරිකාවට

ඒ අනුව ඇය විසින් මෛත්‍රිපාල සිරිසේන මහතාව පොදු අපේක්ෂකයා ලෙස කිරීමට පියවර ගත් බවයි ඔහු අනාවරණය කරන්නේ.

එම තීන්දුවෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකාවේ සංචාරයක නියැලුණු බවත් ඒ සංචාරය අතරතුර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට තිබූ සමුළුවකට මෛත්‍රිපාල සිරිසේන මහතාව ගෙන්වාගත් බවත් හෙළිදරව් කරන දිසානායක මහතා එහිදී වික්‍රමසිංහ හා සිරිසේන යන මහත්වරුන් මුණ ගැසුණු බවත් අනාවරණය කරනවා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපති අපේක්ෂකයා ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති අපේක්ෂකයා ලෙස වන එකඟතාවය ඇති වූයේ ඒ අවස්ථාවේදී බවයි දිසානායක මහතා පෙන්වා දෙන්නේ.

රාජපක්ෂවරු දැනුවත් වීම

මේ සිදුවීම් මාලාව මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු රාජපක්ෂවරු දන්නා බවත් දිසානායක මහතා අවධාරණය කරනවා.

නවීන් දිසානායක මහතා මෙම සිදුවීම හෙළිදරව් කළේ ප්‍රථම වතාවටයි.

ඒ ඒෂියන් මිරර් සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එම වීඩියෝව පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 10 November 2021 11:58