May 19, 2024

රටම අක්‍රීය කරන විදුලි කප්පාදුවට දින දෙයි

යුගදනවි බලාගාරය අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ඇති ගිවිසුම එළැඹෙන නොවැම්බර් 03 වැනිදාට පෙර හකුළා ගත යුතු බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය ඊයේ (27) වැනිදා ප්‍රකාශ කර සිටියා.‍

එසේ නොකරන්නේ නම් රට පුරා අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද වෘත්තීය සමිති පැවසුවා.‍

මෙම අඛණ්ඩ වැඩ වර්ජනය ආරම්භ කරන දිනය නොවැ.‍ 03 වැනිදාට දැනුම් දෙන බව පැවසූ විදුලි සේවක වෘත්තීය සමිති වැඩිදුරටත් පවසා සිටියේ අමෙරිකාව සමඟ ඇති කරගත් ගිවිසුම හකුළා ගන්නාතුරුම අඛණ්ඩව වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.‍

මෙම වැඩ වර්ජනය සඳහා ලංවිම ජාතික සේවක සංගමය, ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සහ ලංවිම ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය එක්ව සිටිනවා.‍

විදුලි බල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පවසා සිටියේ මෙම වැඩ වර්ජනය රටම අඳුරට පත්වන වැඩ වර්ජනයක් වනු ඇති බවයි.

සැබැඳි පුවත > රටේම විදුලිය දවස් 02කට නැතිවෙයි! ජනතාවටත් දැනුම් දීමක්

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 12:08