May 18, 2024

අද දවසේ කාලගුණය : අඩු පීඩන තත්ත්වය නිසා වැස්ස වැඩිවීමක්

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය, ආසන්න වශයෙන් බස්නාහිර දෙසට ගමන් කර ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) උදෑසන 5.30ට නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන්සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි ද ඇතිවිය හැකියි.

උතුරු, නැගෙනහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්ත‌මේන්තුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

ඉදිරි පැය 24 සඳහා මුහුදු ප්‍රදේශයන්ගේ කාලගුණ අනාවැකිය

දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

වැසි තත්ත්වය: දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සුළඟ: ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ හෝ නිශ්චිත දිශාවකින් තොරව දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (15-30) පමණ වේ. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩි විය හැක.

මුහුදේ ස්වභාවය: ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

ගෙවී ගිය පැය 24 තුළ ලංකාවේ උපරිම හා අවම උෂ්ණත්වය

ගෙවී ගිය පැය 24 තුළ ශ්‍රී ලංකාවේ උපරි උෂ්ණත්වය පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සෙල්සියස් අංශ 33.7ක් පමණ වෙයි.

අවම උෂ්ණත්වය සුපුරු පරිදි නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 12.4ක් වේ.

ලංකාවේ වැඩිම වර්ෂාපතනය නොර්ටන් ප්‍රදේශයෙන් වාර්තා වෙන අතර එය මිලිමීටර් 106.5ක් වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 28 October 2021 08:37