May 01, 2024

ෆොන්සේකාගෙන් හිටපු ජනපතිට දැඩි පණිවිඩයක්

සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විශේෂ හෙළිදරව්වක් කරනවා.

ඒ හිටපු ජනපතිවරයා නඟින වේදිකාවකට තමන් කිසි දිනෙක නගින්නේ නැති බවට.

රටින් භාබාගයක් කෑම

රටින් භාගයක් කෑවේ හිටපු ජනපතිවරයා බවට ෆොන්සේකා මහතා චෝදනා කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැමති නම් සමගි ජන බලවේගය සමග එකතු වී වැඩ කිරීමට හැකි මුත් හිටපු ජනපතිවරයා සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් තමාගේ දැඩි විරෝධයක් තිබෙන බවයි ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ.

ප්‍රශ්නයට ප්‍රතිචාර

ෆොන්සේකා මහතා මෙසේ ප්‍රතිචාර දැක්වූයේ ශ්‍රී.ල.නි.පය සමග සමගි ජන බලවේගය එකට එකතු වී වැඩි කිරීමට හැකි දැයි මාධ්‍ය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

සමගි ජන බලවේගය නොව ආණ්ඩුව නම් දැන් කොටස් හත අටකට කැඩී අවසන් බව එහිදී ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 27 October 2021 02:39