May 19, 2024

සීනි හිඟය ලොකු අවුලක් වෙයි!

මේ වන විට වෙළදපොලේ පවතින සීනි හිඟයට හේතුව සීනි ආනයනය සඳහා අවසර දීමට ප්‍රමාද වීම බව ආනයනකරුවන් පවසනවා. සීනි ආනයනය ඉකුත් මැයි මාසයේ සිට නතර කරනු ලැබුවා. ඒ අනුව මේ දක්වාම රට තුළ පාරිභෝජනය සිදු කරනු ලැබුවේ මැයි මාසයට පෙර ආනයනය කරන ලද සීනි තොගයි.

ඉකුත් සැප්තැම්බර් 02 වනදා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් වන අතර පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් වනවා. කෙසේ වෙතත් ඇතැම් වෙළෙඳසැල්වල සීනි අලෙවි වන්නේ රුපියල් 135 ත්, රුපියල් 145 ත් වැනි පාලන මිල ද ඉක්මවා යමින්ය.

අද වනවිට සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 160 ත් 190 ත් අතර මිලකට අලෙවි වන බවට වාර්තා වනවා. කෙසේ වෙතත් කොළඹින් පිට ප්‍රදේශවල ද සීනි හිඟයක් මතුව තිබෙනවා.

සීනි මිල මෙලෙස යළි ඉහළ ගොස් ඇත්තේ රජය ඒ සඳහා පාලන මිලක් නියම කර ඇති තත්ත්වයක් තුලයි. සුදුසීනි කිලෝග්‍රෑමයක් රුපියල් 122කට සහ දුඹුරු සීනි රුපියල් 125 කට ඒ අනුව අලෙවි කළ යුතුයි.

කුඩා වැවිලි බෝග, වගා සංරක්ෂණ හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා ඊයේ ඒෂියන් මිරර් සංවාදය වැඩසටහනට එක්වෙමින් සඳහන් කළේ රුපියල් 230ට 240ට තිබූ සීනි මිල රුපියල් 130ට අඩු කිරීමට තමන්ට හැකිවූ බවත් කිසිසේත් දේශීය සීනි මිල ඉහල යාමට තමන් ඉඩ නොදෙන බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 October 2021 10:52