May 19, 2024

ඩොලරයටත් සීනිවලට සිද්ද වෙච්ච දේ වෙයි

September 05, 2021

ඇමරිකානු ඩොලරයටද සීනි කිලෝවට අත්වූ ඉරණම වී තිබෙනවා.

ඒ සීනි කිලෝවට මෙන්ම රට තුළ විවිධ විනිමය අනුපාත 3ක් ජාතක වීම නිසයි.

මහ බැංකු අනුපාතය

ඉන් පළමුවැන්න ඇමරිකානු ඩොලර් සඳහා මහ බැංකුව නියම කරන විදේශීය විනිමය විකිණීමේ අනුපාතයයි.

එහි දැන් ඩොලරයක මිල රු. 204යි.

දෙවැන්න ක්‍රියාත්මක කර තිබෙන්නේ පෞද්ගලික වාණිජ බැංකු විසින්.

එම බැංකු ඩොලරය විකුණන්නේ රුපියල් 226 ත් 228 ත් අතර මිලකට.

කළු කඩ අනුපාතය

මේ දෙකටම අමතරව කොළඹ චැතැම් වීදියේ විදේශීය මුදල් හුවමාරු කරන වෙළෙඳ පොලේ ඩොලරය විකිණෙන්නෙ රු. 240 ත් 250 ත් අතර මිලකටයි.

මෙසේ නිල නොවන අයුරින් ඩොලර් අලෙවි කරන වෙළඳුන් අතර කළු කඩ වෙළඳුන් මෙන්ම බලපත්‍ර ලැබූ ව්‍යාපාරිකයෝද සිටිනවා.

සීනි කිලෝවක මිල ඩොලර් 1ක ඉක්මවා තිබූ අතර රු.215 සිට රු. 250 දක්වා විවිධ මිල ගණන් වලට අලෙවි වුණා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 September 2021 19:32