May 02, 2024

කාදිනල් හිමියන් සහ ඇල්ලේ ගුණවංශ හිමියන් ආණ්ඩුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට

කෙරවලපිටිය යුගදනව් තාප විදුලි බලාගාරයේ සියයට 40 කොටස් ඇමරිකාවේ සමාගමක් වන  නිව් ෆෝට්‍රස් සමාගමට පවරාදීමට එරෙහිව සහ එම සමාගමට ද්‍රව වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමින්  මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් හා  ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් අද (18) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කැබිනට් මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, නිව් ⁣ෆොට්‍රස් සමාගම, නීතිපතිවරයා ඇතුළු  54 දෙනෙකු නම් කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  ගොනු කරනු ලැබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනු කර තිබෙනවා.

යුගදනව් බලාගාරයේ කොටස් ඇමෙරිකා සමාගමකට පවරා දීමට රජය ගත් පියවර තුලින් තමාගේත්, රට වැසියන් ගේත් මූලික අයිතිවාසිකම් කඩ වූ බවට ප්‍රකාශ කරන ලෙසත්, මෙම පෙත්සම් විභාගය අසා නිමවන තුරු එම සමාගමට යුගදනවි බලාගාරයේ කොටස් පවරා දීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද කාදිනල් තුමන් හා ඇල්ලේ ගුණවංශ හිමියන් සිය පෙත්සම මගින් ⁣ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 18 October 2021 17:27