May 19, 2024

පොහොර බෙදන්න ඇමැති මහින්දානන්ද සමාගම් දෙකකට බලය දෙයි

පොස්පේට් පොහොර බෙදා හැරිමේ නිල ඒජන්තවරුන් ලෙස රාජ්‍ය පොහොර සමාගම් දෙක යොදා ගෙන ගොවි ජනතාවට සාධාරණ මිලකට පොහොර ලබාදිමේ වැඩසටහනක් සකස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොස්පේට් පොහොර නිෂ්පාදන සමාගමේ කළමනාකාරීත්වයට ඊයේ (07) උපදෙස් දී තිබෙනවා.

පොස්පේට් සමාගමේ ප්‍රගති සමාලෝචනය සදහා පැවැති සාකච්ජාවකදී අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබෙනවා.

අලුත් ක්‍රමෝපායන් අනුගමනය කරමින් සමාගමේ ආදායම වැඩිකර ගැනීමට අවධානය යොමු කල යුතු බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

දැනට අක්‍රීයව ඇති වාරියපොල පොහොර බෙදාහැරිමේ ආයතනයේ සේවකයින් ප්‍රධාන පොහොර නිෂ්පාදනාගාරයට අනුයුක්ත කර එහි කටයුතු කාර්යක්ෂමව පවත්වා ගැනීමෙන් වැඩි ආදායමක් ඉපයිය හැකි බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දී තිබෙනවා.

Rate this item
(1 Vote)

Related items