May 22, 2024

චීන සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට! සැලැස්ම ගැන චීනයේ දී ප්‍රකාශයක්

චීන සංචාරක ක්‍රියාකරුවන් සහ රාජ්‍ය නොවන පාරිසරික සංවිධාන රැසක් සහභාගී වූ නගර නවීකරණ හා සංවර්ධන සමුළුව ඇමතූ ශ්‍රී ලංකා චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, අවම වශයෙන් චීන සංචාරකයන් මිලියනයක් හෝ ශ්‍රී ලංකාව වෙත යොමු කරන ලෙස ඉල්ලමින් චීන සංචාරක කණ්ඩායම් දිරිමත් කිරීමක් සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකාව සතු විසල් වන වැස්ම, 7000 ක් පමණ වූ වන අලි ගහණය, ආසියාවේ ඉහළම දිවියන් එකතුව, දැවැන්ත නිල් තල්මසා ඇතුළුව වෙරළ සීමාවේ සිටින තල්මසුන් ප්‍රභේද 26 ඇතුළත් ශ්‍රී ලංකාවේ හරිත සහතිකය පිළිබඳව තානාපතිවරයා සවිස්තරාත්මකව අදහස් දැක්වීමක්ද මෙහිදී සිදුකර තිබුණා.

තවද, 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% ක් සඳහා පුනර්ජනනීය බලශක්තිය මත විශ්වාසය තබන බවත්, බහුලව භාවිතා කෙරෙන ඇතැම් ප්ලාස්ටික් වර්ග භාවිතය තහනම් කරන අතරතුර දී රසායන පොහොර ආනයනය ද නවතා දැමූ බව කොහොන මැතිතුමා අවධාරණය කළා.

විශිෂ්ට ඓතිහාසික භූමි, මහනුවර ශ්‍රී දළඳා මාළිගාව ඇතුළුව අනෙකුත් බෞද්ධ සිද්ධස්ථාන, නැවුම් සුවඳින් අනූන තේ වතු, කිලෝමීටර ගණන් දිගැති ජනාකීර්ණ නොවූ සුපිරිසිදු වෙරළ තීර පමණක් නොව, ලක්ෂ සංඛ්‍යාත සිනා පිරි මුහුණු සහ අසමසම ආගන්තුක සත්කාරය යනාදිය ශ්‍රී ලංකාව සතු සංචාරක ආකර්ෂණවලින් ස්ථානයන් ගැනද තානාපතිවරයා එහිදී සිහිපත් කළා.

චීනයේ මුල් සංචාරක කණ්ඩායම් පහ ඇතුළත සිටින ‘කයිසා ට්‍රැවල් ගෲප්’ ආයතනය ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ අවන්හලේ දී රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා සත්කාරකත්වය ලබා දුන් අතරතුර, සංචරණ සීමා ඉවත් කළ වහාම ශ්‍රී ලංකාවට චීන සංචාරකයන් මිලියනයක් එවීම සඳහා උපරිම උත්සාහ ගන්නා බවට තානාපතිවරයා හමුවේ සහතික වුණා.

Rate this item
(1 Vote)