May 10, 2024

ජනපතිගේ ඊලඟ බලාපොරොත්තුව ගැන ඇමැති ජොන්ස්ටන් කියයි

උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර අධිවේගී මාර්ග හරහා එකතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලාපොරොත්තුවක් තිබෙන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (kenichi yokoyama) මහතා හමුවූ අවස්ථාවේදීය.

දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බවයි ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ අචාර්ය චෙන් චෙන් (Dr Chen Chen) මහතා අමත්‍යවරයාට පෙන්වා දී තිබෙනවා. 

අමාත්‍යවරයා සහ ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi Yokoyama) මහතා සමග සාකච්ඡාවක් පසුගියදා මහාමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි.

මෙහිදී ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘති, මාර්ග ආරක්ෂාව, තදබදය කලමණාකරණ වැඩසටහනක් අළුතින් ආරම්භ කිරීම හා තවත් මහාමාර්ග සංවර්ධන ව්‍යාපෘති සංවර්ධනය පිලිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

අධිවේගී මාර්ග පිලිබදව ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසූ අවස්ථාවේදී ඊට පිලිතුරු ලබාදුන් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ උතුර, දකුණ, නැගෙනහිර හා බටහිර අධිවේගී මාර්ග හරහා එකතු කිරීම තුලින් රට තවදුරටත් සංවර්ධනයේ හිනිපෙත්තටම ගෙනයාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එක් බලාපොරොත්තුවක් බවයි.

ඒ වගේම ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු තුලින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට පිටිබලයක් ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රීලංකා අධ්‍යක්ෂ ආචාර්‍ය චෙන් චෙන් මහතා මෙහිදී අදහස් පලකරමින් කියා සිටියේ දකුණු ආසියාවේ හොදම අධිවේගී මාර්ගය දක්ෂිණ අධිවේගී මාර්ගය බවයි.

තවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටි සමයේ වර්තමාන ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතාගේ ඉල්ලීමකට අනුව ආරම්භ කල ප්‍රමුඛතා මාර්ග (I Road) ව්‍යාපෘතිය ඉතා සාර්ථක බවත් බංග්ලාදේශය හා ඉන්දියාවේ ග්‍රාමීය මාර්ග සදහා භාවිතා කරන්නේද එම(I Road) මොඩලය බවත් ආචාර්ය චෙන් චෙන් මහතා වැඩිදුරටත් පැවසුවා. 

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහනේ ප්‍රගතිය හා පැල මිලියනයක් සිටුවීමේ ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකු නිලධාරීන්ගේ පැසසුමට ලක්විය.

තවද ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර යටතේ ඉදිකෙරෙන වරාය පිවිසුම් මාර්ගයේ ප්‍රමාදය පිලිබදව සාකච්ඡා කෙරුණු අතර එම ප්‍රමාදයන් වැලක්වීම සදහා අවශ්‍ය තීන්දු තීරණ හා කටයුතු සම්පාදනය කර ඇති බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයමා (Kenichi  Yokoyama) මහතාට සඳහන් කර තිබෙනවා.

ශ්‍රීලංකාවේ මාර්ග සංවර්ධන ප්‍රගතිය වර්තමානයේ ඉතාමත්ම ඉහළ බැවින් ඉදිරියේදී ආසියානු බැංකුවේ සහාය ලබාදීමට ඉතා කැමැත්තෙන්  සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යවරයාට වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. 

Rate this item
(0 votes)
Last modified on Sunday, 03 October 2021 10:53

Related items